ආපදාව ආශිර්වාදයක් කරගනිමු!

කොරෝනා මර්ධනයට දියත් කොට ඇති රජයේ වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය දක්වන්න.
Give your fullest support to the program launched by the government to control the spread of the Corona Virus.
கொரோனா வைரஸ் பரவுவதைக் கட்டுப்படுத்த அரசாங்கத்தால் ஆரம்பிக்கப்பட்ட திட்டத்திற்கு உங்கள் முழு ஆதரவை வழங்குங்கள்

මගේ වගකීම්…

මම පිටරටක සිට මෑතකදී ආපු කෙනෙක් නම් මගේ වගකීම් මොනවද?
கோவிட்-19 தொற்றுள்ள நாட்டிலிருந்துவந்தாள் என்ன செய்ய வேண்டும்?
What should I do if I returned from a country with a #COVID19 outbreak?
Pictures via UNDP Sri Lanka
  

ස්වයං නීරෝධානය

1.ස්වයං නීරෝධානයට ලක්වන පුද්ගලයාට නිවසේ හොඳින් වාතාශ්රය සහිත කාමරයක් ලබා දීම සුදුසු වන අතර නිවසේ අනෙක් පිරිස වෙනත් කාමර වල සිටිය යුතුය.
2. එම පුද්ගලයාට ආහාරපාන ලබා දීම වැනි අවශ්යතා වලදී, අනෙකුත් නිවැසියන් හා ඔහු අතර පරතරය මීටර 1ක්වත් පැවතිය යුතුය.
3. නිරෝධානය වන පුද්ගලයා වෙනම නාන කාමරයක් භාවිතා නොකරන්නේ නම්, එම පුද්ගලයා නාන කාමරය භාවිතා කිරීමෙන් පසුව ජල කරාම, දොර හැඬල ආදිය සබන් හා ජලය යොදා පිරිසිදු කළ යුතුය.
4. කිසිදු අවස්ථාවකදී නිරෝධානයට ලක්වන පුද්ගලයා කිසිදු අමුත්තෙකු හමුනොවිය යුතුය.
5. නිරෝධානයට ලක්වන පුද්ගලයා මෙන්ම, නිවසේ අනෙකුත් අයද නිතර සබන් ගා අත් සේදීම අනිවාර්ය වේ.
6. නොසේදූ අත්වලින් ඇස්, නාසය හා මුඛය ස්පර්ශ නොකළ යුතුය.
7. නිරෝධානයට ලක් වන පුද්ගලයා දවසට දෙවරක් තම උෂ්ණත්වය පරීක්ෂා කළ යුතුය.
8. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, සෙම්ප්රතිශ්යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් තම ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරීවරයාට වහාම දැනුම් දිය යුතුය.
9. නිරෝධානයට ලක්වන පුද්ගලයා භාවිතා කරනා පිඟන් කෝප්ප, ඇඳුම් පැලඳුම් ආදිය වෙන් කොට තැබිය යුතු අතර, ඒවා සියල්ල වෙනම සබන් යොදා සෝදා ගත යුතුය.
Pic via Deshodaya Movement

කොරෝනා ආපදාව අතරේ අන්තර්ජාල හැකර්ලා ඔබවද ඉලක්ක කල හැක!

කොරෝනා ආපදාව අතරේ අන්තර්ජාල හැකර්ලා ඔබවද ඉලක්ක කල හැක! ඔබ මේ ගැන දැනුවත්ද?
Cyber crimes have not diminished amidst the rapid spread of the #Coronavirus. Be alert, do not open attachments or open links unless they are from reliable sources as they could be malware.
#නොමගනොයමු #SriLanka

 

https://www.facebook.com/photo?fbid=3533140006714859&set=pcb.3533149716713888

https://www.instagram.com/p/B-Fuv0DBar4/

කොරෝනා පිළිබඳව පැතිරෙන තොරතුරැ සීරැමාරැවට තෝරා බේරා ගන්න.

කොරෝනා පිළිබඳව පැතිරෙන තොරතුරැ සීරැමාරැවට තෝරා බේරා ගන්න. සමාජ ජාල හරහා පැතිරෙන තහවුරැ නොකළ තොරතුරැ බැහැර කරන්න. සෑම විටම රජය විසින් අනුමත නිවේදන පමණක් පිලිගන්න.
Be vigilant about messages on #Coronavirus. Ignore messages from unconfirmed sources. Follow at all times only the messages from Government approved sources.
கொரோனா வைரஸ் குறித்த செய்திகளைப் பற்றி விழிப்புடன் இருங்கள்.
உறுதிப்படுத்தப்படாத மூலங்களிலிருந்தான செய்திகளைப் புறக்கணியுங்கள்.
எல்லா நேரங்களிலும் அரசாங்கத்தால் அங்கீகரிக்கப்பட்ட மூலங்களிலிருந்து வரும் செய்திகளை மட்டும் பின்பற்றுங்கள்.
https://www.facebook.com/photo?fbid=3528292460532947&set=pcb.3528295753865951
https://www.instagram.com/p/B-BvvhyhC_v/